මොකක් හරි දෙයක් කරන්න කලින් ඒ දේ මොකක්ද කියල අවබෝදයක් ලබාගන්න එක ගොඩක්
වැදගත්. අන්න ඒ නිසයි java ගැන කියන්න පටන් ගන්න කලින් කේත කරණය නැතම් තේරෙන
සිංහලෙන් කිව්වොත් programming කියන්නේ මොකක්ද??? කොහොමද මේවා කරන්නේ ??? කියල,
කියල දෙන්නයි අද හදන්නේ.....
කව්රුත් දන්නවා මේ මොකක්ද කියල. මේක computer එකක්
නැත්තම් අදකාලේ කියන්නේ machine එකක් ( ගෙදර ඇදුම් මහන එක නෙමෙයි හොඳේ ). එත් මන්
කියනවා මේක නිකම් ප්ලාස්ටික්, යකඩ,ඇලුමිනියම් වගේ දේවල් වලින් හදපු නිකම් උපකරණයක්
විතරයි.ඇත්තම කිව්වොත් මේකට ගෙදර තියන හැන්දක් කරන තරම් වත් වැඩක් කරන්න බැ කියල,
මොකද හිතන්නේ?????
ඔව් එක තමා ඇත්ත. එහෙනම් කොහොමද මේකට මෙතරම් වැඩ ගොඩක් කරන්න පුළුවන්
උනේ???? අන්න එක තම රහස.ඔය යකඩ ගොඩට හිතන්න පුරුදු කරේ මිනිස්සුම තමා. අන්න ඒ
හිතන්න උගන්නවන එකට තමා PROGRAMMING කියන්නේ.
අපි මොකක් හරි පාඩමක්
ඉගෙනගන්න කොට අපි එකට පොත් කියවනවා.හරියට අපි O/L කරන කලේ science ඉගෙනගන්නකොට
අපිට තිව්නනේ රජයෙන් දීපු science අච්චු පොතක්, මතක ඇතිනේ ඒවා!!! PROGRAM එකත්
හරියට ඒ පොත වගේ. කරන්න ඕන හැම දෙයක්ම පිළිවෙලට, තේරෙන විදියට අපිට තේරෙන බාසාවෙන්
( සිංහල අයට සිංහලෙන් පොත් ලැබුන දෙමල අයට දෙමළින් පොත් ලැබුනානේ...), ඒ science
පොතේ ලියල තිවන වගේම program එකෙත් ඒවා ඒ විදියටම තියනවා.
campus වල අයියලා අක්කලා බලන නිසා මේකේ හරිම definition එකත් දෙන්නම්;
What is a program?
It
is a File which has,
- Instruction
- Syntax
- Specific task
ඔන්න ඔය කියපු කරන 3න සපුරන file එකකට අපි කියනවා program එකක් කියල. ඕනෑම පොතකට නමක් තියනවනේ මන් මේ පොත නැතම් program එකට දෙනවා නමක්. එනම තමයි “calc” පොතකට තියෙන්නේ නම විතරද???? නැනේ ඒ පොත මොන වගේ විෂයකට අදාල අදාල පොතක්ද කියල වර්ගයක් තියනවනේ ( අපි ඔය “ඩිව් අංක” කියන්නේ ) හරියට අපේ වාසගම වගේ අන්න ඒවගේ මේ අපේ program එකටත් තියනවා වාසගමක්. එක තමා “ exe” කියන්නේ. ඒ නිසා මේ පොතේ නම තමයි “ calc.exe”
මන් කලින් කිව්වා වගේ,
මේ පොතේ තියෙන්නේ අර යකඩ ගොඩට මොකක් හරි වැදගත් වැඩක් එහෙම නැතම් specific
task කරන්න ඕන කරන උපදෙස් ටික නැත්තම්
instruction ටික. හැබැයි අපිට සිංහල
තෙරුනට මේ යකඩ ගොඩට සිංහල තේරෙනවා ඇති කියල ඔයාල හිතනවද??? අපෝ නැ සිංහල
තියා මුට දෙමලවත් අන්ඩර් දෙමලවත් සුද්දගේ ඉංගිරීසී වත් තේරෙන්නේ නැ. ඌට තේරෙන්න
එපයි අර පොත ලියන්න. ඒ නිසා මිනිස්සු ( මම නම් නෙමෙයි හොඳේ) හැදුව අලුත්ම භාෂාවක්
අන්න ඒ language එකට තමයි “ PROGRAMMING LANGUAGE” එකක් කියන්නේ.
අපි සිංහල ඉගෙන ගන්නකොට
ව්‍යාකරණ කියල ඉගෙනගන්නවා නේ , එතකොට English ඉගෙනගන්නකොට අපි ඉගෙනගන්නේ
grammar.එත් programming language වල ඔය 2කම නැ. තියෙන්නේ “SYNTAX” එත් ඉතින් කලේ
මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැ වගේ මේ syntax කියන්නෙත් අර ව්‍යාකරණ
වගේ ඒවාටම තමා. සමහරු “ Order” කියල කියන්නෙත් එකටමයි.
දැන් බලමු මාර ගේමක් දීල ලියල තියන මේ program එක මේ යකඩ ගොඩ ඇතුලේ run
වෙන්නේ නැත්තම් වැඩ කරන්නේ කොහොමද කියල.....
මුලින්ම මන් මේකේ තියන කෑලි ටික මොනවද කියන්නම් ( මොකද
අපේම සහෝදර සහෝදරියෝ ඉන්නවනේ මේවා ගැන දැනුමක් නැති. අපි මේ බ්ලොග් එක ලියන්නේ
එයාලටත් ඉගෙනගන්න පුළුවන් විදියට තේරෙන සිංහලෙන් ඒවගේම අන්තිම ඩොටේ ඉදන් ).
Processor - ඕක තමා අර යකඩ
ගොඩ ඇතුලේ තියන පුස් කාපු මොලේ ඕකෙන් තමා තීරණ ගන්නේ එතකොට එකතු කිරීම් වගේ ගණිත කාර්ම කරන්නෙත් ඔකෙන්ම
තමා.
RAM -
නැත්තම් Random Access Memory මේක
හරියට අපේ කෙටි කාලින මතකය වගේ machine එක off කරාම මතකේ තීව්න ඔක්කොම ඉවරයි
O/S -
නැත්තම් Operating System ඔයාල ඔය
windows 98, Xp,vista,7,8, mac,ubuntu එකී මෙකි නොකී කියල පාවිච්චි කරන්නේ අර
machine එක on කරාම එක එක සද්ද දදා එන්නේ මේක තමා
හරි දැන්
බලමු අපේ calc.exe එක වැඩ කරන්නේ කොහොමද කියල
අපේ o/s එකේ
ඇතුලේ තියනවා තව පොඩි program එකක් එකේ නම තමයි “COMMAND INTERPRETER”. මේකෙන්
කරන්නේ අපේ calc.exe එකේ ලියල තියන instruction එක එක අරගන්නවා. එක තමයි මන් ඔය 1
කියල දක්වල තියෙන්නේ. ඒ ගන්නේ පිළිවෙලට එකින් එක. එහෙම අරන් ඒ ලියල තියන
instruction අර මොලේ කළදක් නැති බුද්ධිමත් processor එකට තේරෙන විදියට translate
කරලා ඉඩ මෙන්න මේක කරපන් කියල processor එකට දෙනවා. අන්න එතකොට processor එකත්
වැඩර් වගේ කරන්න කිව්වා ඩේ කරලා ඌ තනියම ගේම දුන්න වගේ output එක දෙනවා.
මෙතැනදී අපිට
මුණගැහෙන වැදගත්ම කෙනා තමා COMMAND INTERPRETER කියන්නේ. මෙයට පැවරිලා තියන
රාජකාරිය තමා අර සිංහල නොතේරෙන processor එකට translater කෙනෙක් විදියට උදව් කරන
එක.
ආ මෙන්න අපෙන් ඔයාලට පුංචි තෑග්ගක් අද පාඩම නිවිහැනහිල්ෙල බලන්නෙකා බාෙගන ඉවරෙවලාාාා
ආ මෙන්න අපෙන් ඔයාලට පුංචි තෑග්ගක් අද පාඩම නිවිහැනහිල්ෙල බලන්නෙකා බාෙගන ඉවරෙවලාාාා




0 comments:
Post a Comment